Friday, April 14, 2017

අලුතින් හඳුන්වා දෙන Samsung Galaxy S8 එක ගැන විස්තරේ




ස්මාර්ට්ෆෝන් පාවිච්චි කරන අය අතරින් සැම්සුන්ග් ස්මාර්ට්ෆෝන් එකක් ජීවිතේට පාවිච්චි කරපු නැති කෙනෙක් හොයාගන්න බැරි තරම්. ඒ තරමට සැම්සුන්ග් ස්මාර්ට්ෆෝන් කා අතරත් ජනප්‍රියයි.

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ලෝකේ හොඳම ස්මාර්ට්ෆෝන් රේන්ජ් එකක් තමයි Galaxy S රේන්ජ් එක. සැම්සුන්ග් සමාගමේ Flagship ෆෝන් රේන්ජ් එකත් මේකම තමයි. ඉතින් මෑතකදී ඔවුන් හඳුන්වා දුන්නා Galaxy S කාණ්ඩයේ අලුත්ම ස්මාර්ට්ෆෝන් එක. ඒ තමයි Samsung Galaxy S8.

අපි බලමු මේ ෆෝන් එකේ තියෙන විශේෂාංග මොනවාද කියලා.

Display
5.8" Quad HD+ Super AMOLED (2960x1440)
570 ppi

Galaxy S8 ෆෝන් එකේ තියෙන නවතම අංගයක් තමයි Quad HD Super AMOLED ඩිස්ප්ලේ එක. දෙපැත්තෙන් curve වෙලා තියෙන මේ ඩිස්ප්ලේ එක වෙනත් ෆෝන් වල දකින්න නැති සුවිශේෂී අංගයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම දැනට ලෝකයේ තියෙන ස්මාර්ට්ෆෝන් අතරින් හොඳම ඩිස්ප්ලේ එක තියෙන්නේ මේ ෆෝන් එකේ කියලා TechCrunch එකෙත් කියලා තියෙනවා. මීට කලින් ආපු Galaxy S7 එකේ ඩිස්ප්ලේ එකට වඩා අඟල් 0.7කින් වැඩි ඩිස්ප්ලේ එකක් Galaxy S8 එකේ තියෙනවා.




Camera
ඉදිරිපස සෙල්ෆි කැමරාව
8MP AF, F1.7 Aperture
Pixel size: 1.22µm, Sensor size: 1/3.6"
Wide selfie

පසුපස කැමරාව
Dual Pixel 12MP AF, F1.7 Aperture
OIS (Optical Image Stabilization)
Pixel size: 1.4µm
Sensor size: 1/2.55"
Max Zoom: 8x (digital)
Save as RAW file

මීට පෙර එළිදැක්වූ Galaxy S7 ෆෝන් එකේ තිබුනු කැමරාවත් සමග සන්සන්දනය කරලා බලද්දී Galaxy S8 ෆෝන් එකේ hardware වලින් ලොකු වෙනස්කමක් අපිට දකින්න ලැබෙන්නේ නෑ. නමුත් කැමරා එකේ software පැත්තෙන් අලුත් අංග කීපයක් එක් කරලා තියෙනවා. මල්ටි ෆ්රේම් ඉමේජ් පහසුකම මේ අතරින් වැදගත්. ඡායාරූපයක් ගැනීමේදි එකවර ෂොට්ස් 3ක් අරගෙන ඉන් හොඳම එක තේරීම තමයි මෙයින් වෙන්නේ.




Interface

සැම්සුන්ග් පාවිච්චි කරන ගොඩක් අය දන්නවා සැම්සුන්ග් ස්මාර්ට්ෆෝන් වල User Interface එක එහෙමත් නැත්තම් launcher එකට කියන්නේ TouchWiz කියලා. හැබැයි දැන් ඒක වෙනස් කරලා තියෙනවා Samsung Experience කියලා. මේ Samsung Galaxy S8 ෆෝන් එකේ එන්නේ Android 7.0 Nougat කියන අලුත්ම වර්ෂන් එක samsung Experience ස්කින් එකත් එක්ක.

මේ ෆෝන් එකේ හෝම් ස්ක්‍රීන් බට්න් එකක් නැති වුනාට virtual බට්න් එකක් දීලා තියෙනවා ටච් එකට වැඩ කරන්න. ඇප් ට්‍රේ එකත් එන්නේ යට ඉඳන් උඩට ස්වයිප් කලාම විතරයි. ඒකෙන් ෆෝන් එකේ ඉන්ටර්ෆේස් එකට කැලැසික් ලුක් එකක් දීලා තියෙනවා. ඒ වගේම මෙනු එක සහ අයිකන් වලට රවුන්ඩ්  ෂේප් එකත් ෂාප් ලුක් එකකුත් දීලා තියෙන නිසා මාර ලුක් එකක් තියෙනවා අයිෆෝන් වලටත් වඩා.




වෙනත් විස්තර 

ප්‍රොසෙසරය (Processor) 

US Model
Qualcomm MSM8998 Snapdragon 835
Octa-core (4x2.35 GHz Kryo & 4x1.9 GHz Kryo) - US model

Europe, the Middle East and Africa Model 
Exynos 8895 Octa
Octa-core (4x2.3 GHz & 4x1.7 GHz)

ඔක්ටා කෝ ප්‍රොසෙසරයකින් බල ගැන්විලා තියෙන Galaxy S8 ෆෝන් එක S7 එකට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් ප්‍රොසෙසින් ස්පීඩ් එක වැඩියි.


රැම් සහ මෙමරි (Ram & Internal Memory) 

Galaxy S7 ෆෝන් එකේ 32GB සහ 64 GB වශයෙන් මොඩ්ල් දෙකක් ආවත් අලුතෙන් එන Galaxy S8 එකේ එන්නේ 64GB විතරයි. දැන් ඡායාරූප සහ වීඩියෝ භාවිතය වැඩි නිසා ස්මාර්ට්ෆෝන් වල වැඩි මතක ධාරිතාවයක් අවශ්‍ය වෙනවා. ඒ නිසාම සැම්සුන්ග් සමාගම 64GB internal memory එකක් සහ 256GB දක්වා external memory එකක් ඇතුලත් කිරීමට Galaxy S8 එකේ පහසුකම සලසලා දීලා තියෙනවා.


අයිරිස් ස්කෑනර් සහ ෆින්ගර් ප්‍රින්ට් බට්න් (Iris Scanner & Finger Print Button)

තමන්ගේ ඇහේ කළු ඉංගිරියාව භාවිතා කරලා ෆෝන් එක අන්ලොක් කරන්න පුළුවන් අලුත්ම ක්‍රමයත් Galaxy S8 එකේ දැන් තියෙනවා. ඊට අමතරව සුපුරුදු විදිහට ෆින්ගර් ප්‍රින්ට් එකෙන් ෆෝන් එක අන්ලොක් කරන හැකියාව මේ ෆෝන් එකෙත් අඩංගුයි. හැබැයි ඒ බට්න් එක තියෙන්නේ පිටිපස්සේ කැමරාවට එහා පැත්තේ.




No comments:

Post a Comment